ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන දරුණු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය එරටට අහිමි වන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායල යුධ ටැංකි ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් තිබෙනවා.
නගර මධ්‍යයෙන් පළා යන ලෙසයි වැසියන්ට අනතුරු අගවා ඇත්තේ.
නගරයේ රෝහල් අධ්යක්ෂවරයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ තම කටයුතු සාර්ථකව කිරීමට කාර්ය මණ්ඩලය වෙහෙසෙන බවයි.
රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය සැපයුම්, ආහාර, ජලය සහ ඉන්ධන සංචිත අඩුවෙමින් පවතින බව ද ඔහු පවසනවා.
උතුරු ගාසා තීරය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන ගුවන් ප්රහාරයන් හි වැඩි වීමක් දක්නට ලැබෙන අතර හමාස් සංවිධානය ද දකුණු සහ මධ්‍යම ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගැටුම් ආරම්භ වු දා සිට මේ දක්වා හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 1200ක් මිය ගොස් ඇති අතර 240 දෙනෙකු ප්‍රාණ ඇපයට පත්වුණා.
ඔවුන්ගෙන් පිරිසක් සටන්විරාමය අතරතුර නිදහස් කෙරුණා.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීන වැසියන් සංඛ්‍යාව 18200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.