fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරෙන් පන්නන්න හැදූ සන්නිවේදන උපකරණ

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 10:03

හොරෙන් පන්නන්න හැදූ සන්නිවේදන උපකරණ

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් , ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය මගින් ඊයේ (12) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා බේ .

මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මග හැර මෙම භාණ්ඩ තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ගමන් මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා නොගෙන , ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති ” ට්‍රොලි ” කරත්ත තුළ අසුරා ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු ප්‍රකාශ කළා

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු 40 හැවිරිදි මාතර , හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් ව්‍යාපාරිකයා 43 හැවිරිදි කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා 12/12 දින ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .

ඔවුන් දෙදෙනා විසින් මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණ අතර ලැප්ටොප් පරිගණක 17 ක් , අයි වර්ගයේ ජංගම දුරකථන 47 ක් , ලීටර් 01 විස්කි බෝතල් 22 ක් , ජේ.බී.එල්.සංගීත විකාශන පද්ධති 03 ක් , අයි.වර්ගයේ ජංගම දුරකථන ආරෝපණ ( චාජර් ) 200 ක් , රැහැන් රහිත මයික්‍රොපෝන් 03 ක් , ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08 ක් , අයි වර්ගයේ ජංගම දුරකථන උපාංග 55 ක් සහ අයි.වර්ගයේ ජංගම දුරකථන බැටරි 39 ක් තිබූ බවයි ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ.

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්