fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 08:51

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් ඊයේ (දෙසැ 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදීආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී සුහද කතාබහක නිරත වුණා.

මෙම සාකච්ඡාව සඳහා ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකායේ  අණදෙන නිලධාරී ධූරයෙන් නික්ම යන රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්, එම තනතුරට අලුතින් පත් වූ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ එක් වුණා.

සිය කාර්යාලයට පැමිණි ඔස්ට්‍රේලියානු තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ජෙනරල් ගුණරත්න, නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අර්බුදය අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගයට මෙන්ම විවිධ ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් සහාය පිළිබඳව සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය පුද කළා.

තවද, අවිධිමත් සමුද්‍ර ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ මර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරටේ ‘රන් ප්‍රමිතිය’ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම හමුව ඔස්සේ තවදුරටත් තහවුරු කළා.

එමෙන්ම නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති ප්‍රයත්නයන් මෙන්ම ඔස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කරන ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකාය වෙත මෙරට ත්‍රිවිධ හමුදාව විසින් දේශසීමා ආරක්‍ෂක මෙහෙයුම් හරහා ලබා දෙන සහයෝගය මහ කොමසාරිස්වරයා විසින් බෙහෙවින් අගය කළා.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙරටේ නියෝජිතයන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරුණා.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංගසහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම හමුව සඳහා සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්