කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඊයේ දින (12) පෙරවරුවේ සංවර්ධන නිලධාරින් සමග පැවැතී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අක්කර බදු ලෙස සැළකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි.
මෙම බදු මුදල් සංවර්ධන නිලධාරින් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කර ගන්නා බදු මුදලකි.
එම මුදල රජයේ ආදායමට බැර කරනු ලබයි.
අක්කර බදු වශයෙන් අය කර ගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් රජයට ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදු වී තිබෙනවා.
එම නිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
විශේෂයෙන් මින් දශක කිහිපයකට පෙර බයිසිකල් බලපත් නිකුත් කිරීම මෙන්ම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත් නිකුත් කිරීම වැනි කටයුතු සිදු කෙරුණ ද පසුව ඒවා අත්හිටුවනු ලැබුවා.
ඒ ආකාරයට අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයක් පමණ වේ.
ගොවි ජනතාවගෙන් එම මුදල අය කිරීම සුදුසු නැති බව ගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා පැවසුවා.
සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන යොදා නොගැනීමටත්, ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙනත් සංවිධාන ව්‍යුහයක් සැකසීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.