fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුර ගැන හදිසි අනතුරු ඇඟවීමක්

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 20:13

ගංවතුර ගැන හදිසි අනතුරු ඇඟවීමක්

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවයි.

ඒ අනුව ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතිනවා.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 20:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්