තම රජය කෙරෙහි ජනතා විශ්වාසය යළි ගොඩනැංවීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ප්‍රතිඥා දෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයට අයත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අරමුදල් රැස්කිරිමේ චෝදනාවකට ලක්ව සිටින අතර ඒ හේතුවෙන් ඔහුගේ රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිදී ඇති බවයි වාර්තා වන්නේ.
එම ඇමතිවරුන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සුදානම් වන බවට ද වාර්තා වනවා.
එමගින් රජයෙන් ගිලි හි ඇති මහජන සහයෝගය යළි ලබා ගැනීම අරමුණ බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ජපාන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගෙන සිටින පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ ජනප්‍රියත්වය ද අරමුදල් චෝදනා හේතුවෙන් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුව ද 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජපානයේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ.