fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පුරු රජය කුකුළු මස් ගැන තීරණයක් ගනී

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 16:34

සිංගප්පුරු රජය කුකුළු මස් ගැන තීරණයක් ගනී

කුරුළු උණ රෝගය හේතුවෙන් රටවල් රැසකින් කුකුළු මස් ආනයනය අත්හිටුවීමට සිංගප්පුරු රජය තීරණය කර තිබෙනවා.

සීඝ්‍රයෙන් පැතිර යන එච් ෆයිව් එන් වන් කුකුළු උණ රෝගය හේතුවෙන් ඇමෙරිකාව / කැනඩාව / ප්‍රංශය / බෙල්ජියම / ජර්මනිය හා ජපානයෙන් මෙලෙස කුකුළු මස් ආනයනය අත්හිටුවීමටයි සිංගප්පුරු රජය පියවර ගෙන ඇත්තේ.

කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ද ආනයනය තහනම් කර ඇති බව සදහන්. දෙසැම්බර් 8 වන දින සිට එය ක්‍රියාත්මක බවයි රජය නිවේදනය කරන්නේ.

එමෙන්ම සිංගප්පුරුවේ කුකුළු ගොවිපළ ද රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි අවධානයෙන් කටයුතු කළ යුතු බව එරට ආහාර ඒජන්සිය නිවේදනය කරනවා.

ඊට අදාළව නිරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කුරුළු උණ මිනිසුන්ට බෝවීමේ ප්‍රවණතාවය ඉතා අඩු අගයක පැවතිය ද මිය ගිය හෝ රෝගාතුර වු සතුන් ඇල්ලීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්