fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ආකර්ෂණය දිනූ දෙමෝදර ආරුක්කු පාලම බලන්න යන පාර හරිම අබලන්

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 16:19

සංචාරක ආකර්ෂණය දිනූ දෙමෝදර ආරුක්කු පාලම බලන්න යන පාර හරිම අබලන්

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

එහෙත් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන්නේ නම් සංචාරක ආකර්ෂණීය ස්ථාන තවදුරටත් සංචාරකයින්ගෙන් පිරී නොයනු ඇති.

ඇල්ල දෙමෝදර ආරුක්කු පාලම දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ඉහළ ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක්.

මෙම ආරුක්කු පාලමේ ඇති සුවිශේෂී බව නිසාම එය නැරඹීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙනවා.

එහෙත් දෙමෝදර ආරුක්කු පාලමට ළගා වීමට ඇති මාර්ගය දැඩි ලෙස අබලන්ව පවතිනවා.

දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ව පොතුවිල / හල්පේ හරහා බණ්ඩාරවෙල බලා යන ගම්වැසියන්ට ද භාවිත කිරීමට ඇති ප්‍රධානම මාර්ගය මෙයයි.

කිලෝමීටර් තුනහමාරකට ආසන්න මෙම මාර්ගය 2018 වසරේ සංවර්ධනය කිරීම ආරම්භ කර 2020 වන විට අවසන් කර තිබුණා.

එහෙත් මේ වන විට මාර්ගය අබලන් වී ඇත්තේ පයින්වත් ගමන් කිරීමට නොහැකිවන ආකාරයටයි.

ඇල්ල ආරුක්කු 9 පාලමට යන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 12, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්