දෙසැම්බර් 4 වන දා වන විට නියමිත බදු වාරිකය ගෙවා නොමැති මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නියෝග කළා.
මේ අතර තිරිඟු පිටි සහ සීනි ආනයනයේ දී අනිසි ලාභ උපයා ගත් සමාගම්වලින් නියමිත බද්ද අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද නියෝග කෙරුණා.
එසේම බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටි බදු ගෙවන්නන්ගේ හිඟ බදු රුපියල් බිලියන 173ක ප්‍රමාණය අයකර ගැනීමේ සැලැස්මක් දෙසැම්බර් 31ක් වනදාට පෙර ක්‍රියාවට නංවන ලෙස ද කාරක සභාව අවධාරණය කළා.
ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව පසුගිය දා රැස්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
මුදල් සහ ආරක්ෂක යන අමාත්‍යාංශවල නිලධාරීන් ද ඊට එක්වුණා. පසුගිය ජූනි 30 වන විට රුපියල් මිලියන සියයක් හෝ ඊට වැඩි හිග බදු පවතින බදුගෙවන්නන්ගේ ලැයිස්තුවක් මීට පෙර කාරක සභා වාරයේ දී කළ නියෝගයකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් එය ලබාදී නැති බව මෙහිදි හෙළි වුණා.
අදාළ වාර්තාව දෙසැම්බර් 31ට පෙර ලබාදෙන ලෙසයි කාරක සභාව නියෝග කළේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා සිටි ඇතැම් නිර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටිම හා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව සිය අසතුට පළ කළා.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් හැර සෙසු සමාගම්වලට තිරිගු පිටි ගෙන්වීම තහනම් කර තිබු කාලයේ අදාළ සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස්කර ගෙන තිබුණා.
තහනම ඉවත් කිරීමෙන් පසු තිරිගු පිටි කිලෝවකට රුපියල් 16 බැගින්වු බද්දක් පැනවීමෙන් මෙම සමාගම් සැලකිය යුතු ලාභයක් උපයාගෙන ඇති බව කාරක සභාවේ දී හෙළි කෙරුණා.
සීනි සදහා වු විශේෂ වෙළද භාණ්ඩ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩිකිරීමෙන් සීනි ආනයනකරුවන් ගබඩා කර තිබු සීනි ටොන් 8500කට ආසන්න තොග වෙළදපොළට මුදා හැරීමෙන් සැලකිය යුතු ලාභයක් උපයාගෙන ඇති බවයි මෙහිදි ප්‍රකාශ වුණේ.
එබැවින් එම අනිසි ලාභයට අදාළ බද්ද කඩිනමින් අයකර ගන්නා ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
රා නිෂ්පාදනාගාර දෛනිකව අධීක්ෂණය කිරිමේ දුරකතන යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුවත් කෙරුණා.
ආපදා කළමනාකරණය අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්‍රමය හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ පසුවිපරමක් ද මෙහිදි සාකච්ඡාවට ගැනුනා.