වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැදවූවන් සිය දෙනාගෙන් 68 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැදවූවන් සිය දෙනෙකු පමණ ඊයේ සවස පලායාමත් සමග එහි කලබලකාරී තත්ත්වයක් ඇතිවුණා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන මෙම මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වයක් මත මෙම පලායාම සිදුව ඇති බවටයි වාර්තා වුණේ.
පලාගිය රැදවූවන්ගෙන් 68 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හිගුරක්ගොඩ, මීගස්වැව, පුලස්තිගම හා පොලොන්නරුව යන පොලීසි මගින් අත්අඩංගුවට ගැණුනු බවටයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.