fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිඥවරුන්ට බාධා කිරීම ගැන පොලීසිය සහ යුද හමුදාව කණගාටුව පළ කරයි

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 16:46

නීතිඥවරුන්ට බාධා කිරීම ගැන පොලීසිය සහ යුද හමුදාව කණගාටුව පළ කරයි

අරගල සමයේ ගාල්ලේ පැවති ක්‍රිකට් තරගාවලිය අතරතුර කොටුව ප්‍රදේශයට ඇතුලු වී රජයට එරෙහි විරෝධතාවකට සුදානම් වු නීතිඥවරුන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඔවුන්ට කණගාටුව පළ කළා.

ඒ විරෝධතාවට සහභාගී වූ නීතිඥවරුන් 11 දෙනෙකු ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේයි.

අරගලය පැවති කාලයේ දී ගාල්ල ක්‍රීඩාංගනයේ පැවත් වු ශ්‍රී ලංකා / ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුලු වී රජයට එරෙහිව විරෝධතා පැවැත්වීමට නීතිඥවරුන් උත්සහ කළා.

ඊට පොලිසිය හා යුද හමුදාව බාධා කළ බව පවසමින් එම නීතිඥවරුන් පෙත්සම් ගොනුකර තිබු අතර ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැදවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කළ බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් සමතයකට පත් කිරීමට නීතිඥවරුන් එකගතාව පළ කළා.

ගිණිඅවියක් සහ උපයා ගත් ක්‍රමයක් සදහන් කළ නොහැකි මුදල් රුපියල් කෝටි 8කට අධික මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ෂණ සිදුකළ පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කෙරුණා.

එම මුදල් සහිතව අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා භාරදෙන අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකහමාරක් අඩුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සිදුකළ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

අධිකරණ නියෝග කඩකරමින් 2022 වසරේ සිදුකළ උද්ඝෝෂණයක දී විභාගයට ගත් නඩුවක් විවෘත අධිකරණයේ කැදවු අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්