fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රටකට මතු වූ දුෂ්කරතා

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 15:28

සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රටකට මතු වූ දුෂ්කරතා

වසර දෙකක් ඇතුළත සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කරන බව ඕස්ට්‍රේලියා රජය පවසනවා.

රට තුළ බිදී ඇති සංක්‍රමණ පද්ධතිය නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස මෙය සිදු කරන බවයි ඕස්ට්‍රේලියා රජය පවසා ඇත්තේ.

2025 ජුනි මාසය වන විට එරට සංක්‍රමණිකයක් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස දක්වා අඩු කිරීම අරමුණයි.

වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ඕස්ට්‍රේලියා රජය පවසනවා.

නිවාස සහ යටිතල පහසුකම් අවශ්‍ය පරිදි සැපයීමේ අසීරුතාව ඒ අතර වනවා.

කෙසේ වෙතත් පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින අතර එවැනි සංක්‍රමණිකයන්ට තවදුරටත් අවස්ථාව ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

මේ වසරේ ජුනි මාසයක දක්වා පන්ලක්ෂ දස දහසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

මෙවැනි විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම වැලැක්වීම සදහා ඉංග්‍රීසි භාෂා පරික්ෂණ දැඩි කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක් වනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 11, 2023 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්