fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2023 11:02

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා හැලිඇළ දුම්රිය ස්ථාන අසළ පස්කදු කඩාවැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වුණා.

මේ හේතුවෙන් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරුණු අතර කොළඹ සිට ගමන් ගත් පොඩි මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමටයි කටයුතු කෙරුණේ.

කෙසේ වුව ද මාර්ගය යථා තත්ත්වයට පත්කර අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2023 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්