fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව නව ජනාධිපති පවසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2023 09:42

ආර්ජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව නව ජනාධිපති පවසයි

ආර්ජන්ටිනා නව ජනාධිපති ජාවියර් මිලෙයි තම රටේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව පවසනවා.

ආර්ජන්ටිනාවේ නව අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාවියර් නිල වශයෙන් බලයට පත්වීමෙන් පසු සිය පළමු කතාවේදී ආර්ථිකය ගොඩනංවන  බවට පොරොන්දු වී තිබෙනවා.

දැඩි කප්පාදු රැසක් ක්‍රියාත්මක කරමින් මෙම වැඩපිළිවෙලකට කැප වන බව ඔහු පවසනවා. පසුගිය නොවැම්බරයේ මැතිවරණය ජයග්‍රහණය කරමින් ඔහු බලයට පත් වුණා.

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය බුවනෝස් අයර්ස් හිදී පැවැත්වුණා. එය උත්කර්ෂවත් හා උත්සවාකාරයෙන් පැවැත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2023 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්