fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 17:26

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය  හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් බරවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.

බදුල්ල – කොළඹ මාර්ගය උඩුවර ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී නායයෑමට ලක් වුණා. එම නායයාම අද දිනයේ තවදුරටත් සක්‍රියවීමත් සමග මාර්ගයේ පවතින අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බරවාහන ධාවන සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකියි.

හෙට දිනයේ සිට සියලුම දුර ගමන් බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා ධාවනය කිරීමට ද තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්