fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ උත්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 15:31

ඉන්දියාවේ උත්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් ට්‍රක් රථයක ගැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවෙකු ද අයත්.

මෝටර් රථයේ දොරවල් අගුලුවැටී තිබීම හේතුවෙන් ඒ තුළ සිරව සිටි පිරිස පිටතට ගැනීමට නොහැකි වී ඇති අතර අනතුර සිදුවීමත් සමග හටගත් ගින්නෙන් ඔවුන් පිළිස්සී තිබෙනවා.

මෝටර් රථයේ ටයරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් රථය අනෙක් මන්ත්‍රීරුවට යොමුවී ඇති අතර අනතුරුව ට්‍රක් රථයේ ගැටී තිබෙනවා.

සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණෙන විටත් මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ ගමන් කළ පිරිස මංගල උත්සවයක් සදහා යමින් සිටි බවද අනාවරණය වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්