fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර තුනකට පසු ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වය ඊයේ වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 15:26

වසර තුනකට පසු ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වය ඊයේ වාර්තා වෙයි

වසර තුනකට පසු ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වය ඊයේ දිනයේ දී වාර්තා වුණා.

ඊයේ දිනයේ දී සිඩ්නි අගනුවර උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 43.8ක් ලෙසයි. මීට පෙර 2020 වසරේ නොවැම්බර් මාසයේදී එරටින් වැඩිම උෂ්ණත්වය වාර්තා වූ අතර එහි අගය සටහන් වුයේ සෙල්සියස් අංශක 40ක් ලෙසයි.

ඒ සමගම තාප තරංග හේතුවෙන් ජනතාවට පීඩාවන්ට මුහුණදීමට සිදුවිය හැකි බැවින් අවදානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් වයස්ගත හා කුඩා ළමුන් පිළිබද අවදානයෙන් පසුවන ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

උෂ්ණත්වය ඉහළ යාමත් සමග නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි 70ක් පමණ හටගෙන ඇති බවද සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2023 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්