බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාර කීපයක් එල්ලවී තිබෙනවා.
ඇමෙරිකා තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 7ක් එල්ලවූ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
මෑත කාලයේ ඇමෙරිකා තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය වනවා. එමෙන්ම ඉරාකය හා සිරියාවේ ක්‍රියාන්විතයේ නියුතු ඇමෙරිකා සෙබලුන් ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
සිරියාවේ ඇමෙරිකා හමුදා කදවුරකට තුන්වරක් ද ඉරාකයේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට දෙවරක් ද මෙලෙස ප්‍රහාර එල්ලවී ඇති බව සදහන්.
එක් දිනක් තුළදී ඇමෙරිකා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලවූ වැඩිම ප්රහාරයන් සංඛ්‍යාව ද මෙය වනවා.