ප්‍රවාහනය කරමින් තිබූ කිරි බව්සරයකින් කිරි ලීටර් සියයක් පමණයි එලියට රැගෙන ඒ වෙනුවට වතුර කලවම් කිරීමේ ජාවාරමක නිරතව සිටි කිරි බව්සර් රියදුරෙකු සහ කිරි මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු අද 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා නියෝග කර තිබෙනවා.
දඹුල්ල පොලිස් ස්ථානයේ සිට මීටර් අටසීයක් පමණ දුරකින් පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ මධ්‍යම රාත්‍රියේ කිරි බව්සරයක ඇතුලත මුද්‍රා ඉවත් කොට කිරි එළියට ලබාගෙන ඊට වතුර යොද මින් සිටින සිද්ධියක් පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත 9 දින අලුයම සිදුකළ වැටලීමකදී බව්සරයක් හා කුඩා ලොරි රථයක් සමග මෙම දෙන්නා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැකිරාව ප්‍රදේශයේ සිට මීරිගම ප්‍රදේශය දක්වා පුද්ගලික කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සිට මෙම කිරි බවසරය ශීත කළ කිරි ප්‍රවාහනය කරමින් සිට තිබේ.
ගිරිබාව ප්‍රදේශයේ කුඩා ලොරි රථයකින් ප්ලාස්ටික් ජල ටැංකියකින් ජලය රැගෙන විත් ඉතා සූක්ෂම ලෙස බවුසරයේ ඇති කිරි ලීටර් සියයක් ලොරි රථයෙන් ගෙන කුඩා කෑන්වලට ඉවත් කොට ඊට වතුර යොදා ඇති අයුරු පොලීසිය අතටම අල්ලා ගැනීම විශේෂත්වයක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිරි බව්සරයේ රියැදුරු වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .එච් .ජයන්ත සමන් ප්‍රේමචන්ද්‍ර නමැති අය සහ කුඩා ලොරි රථයකින් කිරි රැගෙන යෑම සඳහා පැමිණි බව කියන විජේසිංහ ආරච්චිලාගේ නන්දික සුරංග නමැතිි ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
සැක කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ කිරි ප්‍රවාහනය කරමින් සිටියදී මෙම ක්‍රියාවලිය කරගෙන යන බවයි.
ස්ථාන මාරු කරමින් මෙම ක්‍රියාවලිය සිදු කරන බව විවිධ අවස්ථාවන්හිදීම පොලීසියට දැනුවත් කොට තිබුන ද සිදුවන ස්ථානය පිළිබඳව නිසි ලෙස අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබිණ.ෙ
මෙම කිරි ජාවාරම පිළිබඳව පෞද්ගලික කිරි එකතු කිරීමේ සමාගම දැනුවත් කළ බවත් ඉදිරියේදී තවදුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවයි දඹුල්ල පොලී ප්‍රකාශ කළේ.