බගවන්තලාව ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ පස් කන්දක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු හැටන් බගවන්තලාව හරහා බලංගොඩ ප්රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ දින රාත්රිය වන විට යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම මාර්ගයේ බගවන්තලාව කිව් වත්ත කම්බි 56 ප්රදේශයේදි ප්රධාන මාර්ගයට ඉහලින් පිහිටි පස් කන්දක් ඊයේ දින පස්වරු 5 ට පමණ කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු රාත්රි 7 පමණ වන තෙක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.
ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමනය මේ වන විට යලි යථා තත්ත්වයට පත් කර ඇති බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.