ඊයේ දිනයේ මුලු දිවයිනටම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.
කෙසේවෙතත් දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු වුණා.
මෙලෙස ඊයේ විදුලිය බිඳ වැටීම නිසා රට පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වු බවයි දිවයින පුරා සිටින අප වාර්තාකරුවන් පැවසුවේ.