fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කංචන

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 15:47

ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කංචන

ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

නැවත විදුලි බිල සංශෝධනයකට යාමට තිබුණේ අප්‍රේල් මාසයේ වුවත්, මෙම දෙසැම්බර් වන විට ජල විදුලි බලාගාරවල තත්වය බලා සංශෝධනයකට යා හැකි බව බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 දින කමිටුව රැස් වන බවත්, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනා තිබේ නම් එහිදී ඉදිරිපත් කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,

ඔක්කොම විදුලි බිල ගැන කතාකරනවා. නමුත් පවතින ව්‍යුහය වෙනස් කරන තුරු විදුලි බිල අඩු කරන්න බැහැ. පවතින ව්‍යුහය තුළ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමට උදව් කරන්නේ නැත්නම් ඒ සඳහා රජය කුමන ප්‍රතිපත්තිය හැදුවත් වැඩක් නැහැ. මෙම ව්‍යුහය වෙනස් වුනොත් විතරයි අලුතින් බලාගාර හදන්න පුළුවන් එම නිසා යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන්න.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්