උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
එම දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් එළඹෙන ජනවාරි මස 07 වන දින සිට මාස 06ක කාල සීමාවක් සඳහා මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, ජනවාරි මස 07 වන දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරය සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.