fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 14:49

පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ ජාවාරම්කරුවන් විසින් ගිල්වා තිබූ බවට සැක කෙරෙන රත්‍රං කිලෝ හතරකට අධික පාර්සලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (08) වන දින පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ හතරකට අධික ප්‍රමාණයක් සහිත පාර්සලයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක්ද  එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙම රත්‍රං තොගය පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස ගිල්වා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ක් සහ 35 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා , රත්‍රං කිලෝ හතරකට  අධික ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව, ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්