fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 14:37

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ඒ අනුව රත්නපුර දිසාව භාරව සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී කරුණාරත්න මහතා ඌව පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇති බව සඳහන්.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර් විජේසිංහ මහතා කේෂේත්‍ර බළකා මූලස්ථානයටත් කේෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි ඩී.පී චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා විශේෂ ආරක්ෂක දිසාව භාරවත් නාවික හා සංචාරක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී.සී වෙදමුල්ල මහතා කුරුණෑගල දිසාව භාරවත් පත්කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්