කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ” කුෂ් ” නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ඉකුත් 11/14 දින පස්වරු 02.40 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ .
මේ පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් හට වාර්තා වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවයේ නිරත පොලිස් නිල සුනකයන් ද සහභාගී කර ගෙන මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
මෙම ගමන් මලු තුළ “කුෂ් ” ගංජා කිලෝ ග්‍රෑම් 19 යි ග්‍රෑම් 588 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
මෙම ” කුෂ්” ගංජා තොගය පිළිබඳ කිසිවෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන නොමැති අතර , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී.