fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගං වතුරින් යටවන අකුරණ නගරය පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ නීරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 05:40

ගං වතුරින් යටවන අකුරණ නගරය පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ නීරීක්ෂණයට

අධික වර්ෂාවෙන් අකුරණ නගරයට සිදුවන ගංවතුර අවදාමනම වළක්වා ගැනීම සඳහා විද්‍යානූකූල විසඳුමක් කරා යොමු විය යුතුයැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසනවා.

මෑත කාලයේ දී අකුරණ නගරයට ඇති වූ ගංවතුරවලින් විශාලතම ගංවතුර 07 රාත්‍රී සිදුවූ බවත් මේ හේතුවෙන් අකුරණ නගරය අඩි එකොලහක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යට වූ බවද මහාචාර්යවරිය සඳහන් කළා.

අකුරට නගරය ජලයෙන් යට වීමට ප්‍රධාන හේතුව අක්‍රමවත් භූමි පරිහරණ රටාව යැයි ඊයේ එම නගරයේ සිදු කළ ක්ෂේත්‍ර නිරීක්‍ෂණයකින් අනතුරුව ඇය සඳහන් කළා.

විද්‍යානුකූල පරීක්ෂණයක් පදනම් කොට අනතුරුව නීත්‍යානුකූල පදනමක් යටතේ විසඳුමක් කරා යොමු විය යුතුයැයි ඇය පවසනවා.

ඒ සඳහා රජය මැදිහත් වී  ජනතාව පත්වන පීඩාව වළක්වා ගැනීම සිදු කළ යුතු යැයි ද ඇය පෙන්වා දෙනවා.

පිඟා ඔය ගංඉවුරු ආශ්‍රිතව අධික ලෙස ඉදිකිරීම් සිදු කොට ඇති බවත් අකුරණ නගර මධ්‍යයේ කිලෝමීටර් දෙකක වපසරියක් තුළ කුඩා ප්‍රමාණයේ පාලම් පනහකට අධික ප්‍රමාණයක් ඉදිකොට ඇතැයි ද ඇය පෙන්වා දුන්නා.

ඒ අනුව අකුරණ ඇතුලුව ඕනෑම නාගරික බල ප්‍රදේශයක් මැදින් ගලායන ඇළ දොළ ආදියෙහි ගංගාරක්ෂිත නිර්ණය කළ යුතු බවත් ඒවා නිශ්චිත වශයෙන්  නම් කොට  අනවසර ඉදිකිරීම් වළක්වා ගැනීම කළ යුතු යැයි මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය පවසනවා.

එමෙන්ම නව  ඉදිකිරීම් සඳහා පළාත් පාලන ආයතනයෙන් ලබාගන්නා අනුමැතිය අදාළ ඉදිකිරිම් නිමවන තුරුම පූර්ණ අධීක්ෂණයට ලක්වන ක්‍රමවේදයක් සකස් විය යුතු යැයි  ඇය තවදුරටත් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2023 05:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්