fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් වාර්තා පොතට එක්වූ මුෂ්ෆිකූර් රහීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2023 05:36

ක්‍රිකට් වාර්තා පොතට එක්වූ මුෂ්ෆිකූර් රහීම්

බංග්ලාදේශයේ මුෂ්ෆිකූර් රහීම් නවසීලන්තය සමඟ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරඟයේ දී දැවී ගියා.

ඒ ක්‍රිකට් වාර්තා පොතට සිය නම එක් කරමින්.

ඩකා හි පැවැත්වෙන එම තරඟයේ පළමු ඉනිමේ දී මුෂ්ෆිකූර් දැවී ගියේ “පන්දු රැකීමට අවහිර කිරීම” හේතුවන්.

ඔහු එවැනි ආකාරයකට ටෙස්ට් ක්‍රිකට් තරඟයක දී දැවී ගොස් ඇති දෙවැනි පිතිකරුවා වේ.

තරඟයේ 41 වැනි පන්දු වාරයේ දී කයිල් ජැමීසන් එවූ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් එල්ල කළා.

එහිදී පන්දුව කඩුල්ල දෙසට යන බවක් පෙනුණු ඔහු වහා ක්‍රියාත්මකව තිබූ අතර, සිය අත් ආවරණයෙන් ඔහු පන්දුව ඉවතට තල්ලු කළත් නවසීලන්ත පන්දු රකින්නන් මුෂ්ෆිකූර් ට එරෙහිව ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිටියේ සිටි විනිසුරුවන් තෙවැනි විනිසුරුට යොමු කළ අතර ඉන් අනතුරුව විනිසුරු අහෂන් රාසා එය දැවීයාමක් ලෙස නම් කළා.

කෙසේ වෙතත්, 1951 දී දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟයක දී එංගලන්තයේ ලෙන් හටන් ද එම වරදට දැවී ගොසන් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2023 05:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්