fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලිය සදහා පිටත්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2023 08:15

19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලිය සදහා පිටත්වෙයි

ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොඹවනු ලබනවා.

මෙම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද (06) දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

මොවුන් සහභාගී වන පළමු තරගය එළඹෙන 09 දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2023 08:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්