කොළඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන වසරේදී අවසන්කර මෙහෙයුම් ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
නැගෙනහිර පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1,400ක දිගින් යුක්තයි.
ඉදිකිරීම් අවසන්වීමෙන් පසු විශාල නැව් තුනක් එකවර නැංගුරම්ලා තැබිය හැකියි. මෙහි ඉදිකිරීම් නිරීක්ෂණය සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
නැගෙනහිර පර්යන්තයේ නෞකාවලින් බහාලුම් ගොඩබෑම සදහා ග්රැන්ට්රි දොඹකර 12ක් සහ බහාලුම් තැන්පත් කිරීම සදහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපති කරනු ලබනවා.
මෙහි බහාලුම් අංගනයේ වපසරිය හෙක්ටාර 75ක්. වසරකට බහාලුම් මිලියන 3ක මෙහෙයුම් සිදුකිරීම සැලසුමයි.
නැගෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්වක වන අතර ඒ සදහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට සැළසුම්කර තිබෙනවා.
නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 585ක් වැයවන අතර සියලු මුල්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.