fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවූ ලංසුව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2023 13:27

ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවූ ලංසුව

ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම්කර තිබෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 ඩුබායිහී දි පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.

වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිල දී ගැනීමට නියමිත ව තිබෙනවා.

එහි දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2023 13:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්