ඉතා සූක්ෂම ලෙස පෑනක ආකාරයෙන් සකස් කළ ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් යක්කල කෙසෙල් වතුගොඩ පාර අසලදීයී සැකකරුවන් සමඟ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙම අවිය විදේශයක නිෂ්පාදනය කළ එකක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
අත්අඩංගුට ගත් සැකකරුවන් අවුරුදු 29 හා 33 යන වයස් කාණ්ඩවල පසුවනවා.