fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත තරඟාවලියේ ශූරතා කුසලානය රැගත් සාන්ත බ්‍රිජට් බාලිකාවෝ දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2023 05:06

සමස්ත තරඟාවලියේ ශූරතා කුසලානය රැගත් සාන්ත බ්‍රිජට් බාලිකාවෝ දිවයිනට

තායිලන්තයේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන පැතුම්තානි විශ්වවිද්‍යාලය විසින් වාර්ෂික ව පවත්වනු ලබන දැල්පන්දු පැසි පන්දු සහ මළල ක්‍රීඩා තරගාවලිය මෙවර (2023) තායිලන්තයේ පැතුම්තානි පළාත තුළ ස‍ංවිධානය කර තිබුණා.
මේ සඳහා තායිලන්තයේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් පාසල් 08ක් ද සහභාගී වී තිබුණා.
තායිලන්තයේ බන්කඩි මහ නගර සභාව පැතුම්තානි පළාත් පරිපාලන සංවිධානය ද මේ සඳහා ආරාධිත සහභාගීත්ව සහයෝගය දක්වා තිබුණා.
පසුගිය නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් මස 01 දින තෙක් පැවැත්වුණු මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ජ්‍යෙෂ්ඨ පාසල සහ කනිෂ්ට පාසල නියෝජනය කරමින් බාලිකාවන් 58 දෙනෙකු සහභාගී වී තිබුණා.
මෙම බාලිකාවන් අතරින්
වයස අවුරුදු 16න් පහළ නෙට් බෝල් කණ්ඩායම ශූරතා කුසලානය ලබා ගත් අතර වයස අවුරුදු 19 පහළ කණ්ඩායම අනුශූරතාව ලබා ගැනීමට සමත් වුණා.
එමෙන් ම වයස අවුරුදු 16 පහළ බාස්කට් බෝල් කණ්ඩායම අනුශූරතාව දිනා ගත්තා.
මීට අමතර ව, මළල ක්‍රීඩා ඉසවු කිහිපයක ජයග්‍රහණ ද ලබා ගැනීමට බාලිකාවන් සමත් වී තිබෙනවා.
යගුලිය දැමීම, මීටර් 800 ධාවන, මීටර් 600 ධාවන, දුරපැනීම, උස පැනීම, සහය දිවීම යන තරග ඉසවු සදහා ද ජයග්‍රහණ අත්කරගැනීමට බාලිකාවන් සමත් වී තිබෙනවා.
එමෙන් ම සමස්ත  තරඟාවලියේ ශූරතා කුසලානය දිනාගනිමින් මවු බිමට කීර්තියක් අත් කර දීමට සාන්ත බ්‍රිජට් බාලිකාවෝ සමත් වුණා.
අති දක්ෂ විදෙස් පාසල් තරඟකාරිනියන් සමග උරෙන් උර ගැටෙමින් ඔවුන්ට ද අභියෝගයක් වීමට සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ බාලිකාවෝ සමත් ව තිබෙනවා.
මෙම තරඟය සඳහා බාලිකාවන් සමග සාන්ත බ්‍රිජට් ජ්‍යේෂ්ඨ පාසලෙහි විදුහල්පතිනි, සුජානි ප්‍රනාන්දු කන්‍යා සොයුරිය
කනිෂ්ට පාසලේ විදුහල්පතිනි, ප්‍රියංගිකා හතුරුසිංහ කන්‍යා සොයුරිය
ක්‍රීඩා භාර හේමන්ති සිල්වා මහත්මිය සහ සහකාර ක්‍රීඩා භාර මහේෂි ගුණසේකර මහත්මිය සහ සහභාගී වුණා.
මෙම පිරිස ඊයේ ප.ව 09:50ට
එයාර් ඒෂියා FD 141 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට යළි පැමිණියා.
මෙහි දී මෙම පිරිස පිළිගැනීමට දෙමාපියන් සහ සුභ පතන්නන් සියයකට අධික පිරිසක් ගුවන්තොටුපළ අමුත්තන් පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියා.
ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2023 05:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්