පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
මීට පෙර අවස්ථාවලදී මේ සඳහා විශාල කාලයක් ගත වුවද මෙවර සති 06ක් වැනි කාලයකදී ප්‍රතිඵල ලබා දීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.