මහනුවර ජාතික රෝහලට සහ ගම්පොළ මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට රෝහල් සේවා මණ්ඩලය කටයුතු කළා.
ඕස්ට්‍රේලියාවේ රෝහල් සේවා මණ්ඩලයේ සිඩ්නි සාමාජික පිරිස හා කැලිෆෝනියාවේ හොස්පිටල් සර්විසස් සපෝර්ට් ආයතනය හා එංගලන්තයේ සිල්වියා ලංකා පදනම රෝහල් සේවා මණ්ඩලය වෙත මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා.
මහනුවර මහරෝහල වෙත එම උපකරණ ප්රදානය කෙරුණේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්.
රෝහල් අධ්යෂතුමන් ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
එමෙන්ම තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ගම්පොල මූලික රෝහලවෙත ප්රදානය කෙරුණේද රෝහල් සේවා මණ්ඩලය විසින්.
මෙම පරිත්‍යාග සදහා දායකවූ දෙස් විදෙස් සියලු දෙනා මෙහිදී අගය කෙරුණා.