නෞකාවක තිබී කොකේන් ටොන් තුනක් අත්අඩංගුවට ගැනීමට සෙනගල් රාජ්‍යය සමත් වුණා.
සෙනගාල් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තිබී මෙම කොකේන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙය සෙනගල් නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගවලින් එකක්.
අත්අඩංගුවට ගත් නෞකාවේ පුද්ගලයින් 10 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු සෙනගාල ජාතිකයෙකුයි.
ජනවාරි මාසයේදී ද සෙනගල් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවකින් කොකේන් කිලෝග්‍රෑම් 800 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබී ඒවා රාජසන්තක වුණා.