දකුණු අප්රිකාවේ ප්ලැටිනම් ආකරයක සිදු වු අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් සේවකයින් 75 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉම්පාලා අගනුවර පිහිටා ඇති මෙම ආකරයේ සෝපානයක දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ඉහළට ගමන් කරමින් තිබු සෝපානය එක්වරම පහතට ඇද වැටී ඇති බවයි ආකරය අයත් සමාගම නිවේදනය කරන්නේ.
ලොව ගැඹුරුම ආකරයන් දකුණු අප්රිකාව සතු අතර ප්ලැටිනම් හා රන් ඇතුලු භූ ගත සම්පත් දකුණු අප්රිකාව සතුයි.
පසුගිය වසරේ සිදු වු ආකර අනතුරකින් සේවකයින් 50 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වුණා.