කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (29 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් 02 කු ඇතුලත්
මොවුන් අතරින් එරට හාම්පුතුන් විසින් එරට වාසය කිරීමට අවශ්‍ය ඔවුන්ගේ වීසා බලපත්‍ර කාළය දීර්ඝ කර නොදී සිටි පිරිසක් සහ තවත් පිරිසකගේ ගමන් බලපත්‍ර හාම්පුතුන් විසින් ඔවුන්ට ආපසු ලබා නොදුන් පිරිසක්.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම පිරිස නිශ්කාශනය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
එසේම ඇතැම් සේවිකාවන්ට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබූ අතර , තවත් පිරිසකට ඔවුන්ගේ හාම්පුතුන් විසින් ව්‍යාජ නඩු පවරා තිබූ අතර , ඒ සියලු නඩු කටයුතු සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය නීතීඥ සහාය ලබා දී , එම නඩු සමථයකට පත් කර ගැනීමට ද පියවර ගත් බව සඳහන්
එමෙන්ම තවත් ඇතැම් සේවිකාවන්ට හිමි සිය අවසන් ප්රතිලාභ සහ හිඟ වැටුප් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී තිබුණා.
මේ ආකාරයට කුවේට් රාජ්‍යයේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස එරට රැදී සිටින එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා තානාපති කාර්යාලයේ මේ වනවිට 3,450 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.