හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 11 මිලිග්රෑම් 900ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 46ක් වන රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.