ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එකතුවීම අවම කිරීම සදහා නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මේ යටතේ ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ මිලදී ගැනීමේ දී එම හිස් භාජන ආපසු ලබාදෙන තෙක් තාවකාලික තැන්පතුවක් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීම සිදුකෙරෙනවා.
මෙම ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා කිවුආර් කේත පද්ධතියක් හදුන්වාදීම සුදුසු බව හඳුනාගෙන තිබෙනවා.
මේ සඳහා තෝරාගන්නා ආයතනය මගින් කිවු ආර් කේතයක් පදනම් කරගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිවුණා.