fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2023 15:22

ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

මෙලෙස ඉවත් වී ඇත්තේ මෙම වසර මුලදී රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් IPL තරඟාවලියට පිවිසි එංගලන්ත පිතිකරු ජෝ රූට්.

ජෝ රූට් 2024 IPL තරගාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් රඳවා ගැනීමට තීරණය කර තිබු පසුබිමකයි ඔහ මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මීට පෙර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක් ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වුණා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ දෙසැම්බර් 19වනදායි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2023 15:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්