මෙරට කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි.
ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවන ලලිත් ඇතුලත්මුදලි මහතා 1958දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වුණා.
ඒ ආසියාතිකයෙකු එම ධුරයට පත් ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින්.
ඔහු ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගත්තා.
අනතුරුව දේශපාලනයට පිවිසෙන ලලිත් ඇතුලත්මුදලි මහතා 1973 දී අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයට පත්ව පසුව රත්මලාන ආසනයේ පළමු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවට ද පත්වනවා.
1977 දී ඔහු එම ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසෙනවා.
අමාත්‍ය ධුර කිහිපයක්ම හෙබ වූ ඒ මහතාගේ ජනතා මෙහෙවරේ ප්‍රමුඛතම කාර්යයක් වූයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කිරීමයි.
1993 අප්‍රේල් 23 වනදා ඔහු මිය ගියේ මැතිවරණ ප්රචාරක රැළියකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජන්ම දින සැමරුම් උත්සවය අද පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදියි.
පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_JUeYQN4Q7Q”]