පිංවත්ත බණ්ඩාරගම මතුගම ඇතුළු ප්රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.
යතුරුපැදිවලින් ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ ,දෙහිවල, වෑකඩ , පිංවත්ත සහ පිංවල යන ප්රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්රශෟන කිරීම්වලදී මෙම සොරකම් කළ රත්රන් අලෙවි කළ ස්ථාන කීපයක් ද හඳුනා ගැණුනා.
කොල්ලකෑම සඳහා භාවිත කළ ජංගම දුරකතන , යතුරුපැදි හිස් ආවරණ ඇතුළු උපකරණ ද සොයා ගැණුනා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cnzF-4ZXGXA”]