සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස 6 ක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්රදේශයේදී.
අලුයම 3.30ට පමණ මව අසල නිදා සිටි දරුවාට සර්පයෙකු දෂ්ඨ කර ඇති අතර, උදෑසන 7ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් රෝහල්ගත කර තිබෙනවා.
එම අවස්ථාවේ දරුවා මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී තිබුණෘ.
මිය ගොස් ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙක්.