කුරුණෑගල උයන්දන සමුපකාර ග්රාමීය බැංකුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්කොල්ල කා ඇති බව දොරටියාව පොලිසිය පවසනවා.
ඊයේ (23) සවස මෙම සිදුවීම වන අවස්ථාවේදී බැංකුව තුළ සේවිකාවන් කිහිපදෙනෙකු පමණක් සේවය කරමින් සිට ඇති අතර කොල්ලකරුවන් ආයුධ පෙන්වා ඔවුන් බිය ගන්වා මුදල් රැගෙන පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.