අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් මගින් විදෙස් ගතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 08 වනදා දක්වා කල් තැබුණා.
2015 වසරේ ඔක්තෝබර් 13 වනදා හෝ ඊට ආසන්න දිනකදී මෙසේ අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් මගින් විදෙස් ගතව ඇති බවටයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලී තිබෙන්නේ.
මීගමුව මහේස්ත්රාත් අධිකරණයේ පැවැත් වෙන මෙම නඩුවේ තීන්දුව අද දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් අධිකරණය නව චෝදනා සංශෝධනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නව චෝදනාවට මූලික විරෝධතාව ඉදිරිපත් කිරීම අනුව එය පෙබරවාරි 08 වනදා කැදවන ලෙසට මීගමුව ප්රධාන මහේස්ත්රාත් අමිල අමරසේකර මහතා නියෝග කළා.