ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ උතුරු ප්‍රදේශයේ ළමුන් අතර පැතිර යන හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා තිබෙනවා.
රාජ්‍ය නොවන මාධ්‍ය වාර්තා පවසන්නේ චීනයේ සමහර ප්‍රදේශවල ළමා රෝහල් රෝගී දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි.
කොවිඩ් සිමා ඉවත් කිරීම හේතුවෙන් මෙම ශීත සෘතුවේ උණ වැනි රෝග වැඩිවීමට පටන් ගෙන තිබෙනවා.
එය පැතිරීම අවම කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් වසංගත සීමාවන් ඉවත් කළ පසු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ඇතුළු අනෙකුත් රටවල උණ වැනි රෝගවල වැඩිවීම් දක්නට ලැබුණා.
එන්නත් ලබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම හා අත් සේදීම වැනි මූලික පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස චීනයේ ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.