fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි බිල ලබා දීමට ගිය මනුකියවන්නාට පහරදී ඇඳුම් ඉරා ජංගම දුරකතනය කුඩු කරලා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2023 09:52

විදුලි බිල ලබා දීමට ගිය මනුකියවන්නාට පහරදී ඇඳුම් ඉරා ජංගම දුරකතනය කුඩු කරලා

මිනුවන්ගැටේ, එබවලපිටිය ගම්මානයේ නිවෙසකට විදුලි බිල ලබා දීමට ගිය මනුකියවන්නකුට නිවෙස් හිමියාත්  ඔහුගේ සහෝදරයකුත් එක්ව පහරදී ඔහු හැඳ සිටි ඇඳුම් ඉරා ජංගම දුරකතනය පොළොවේ ගසා කුඩුපට්ටම් කර පලාගොස් තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ වාරියපොළ කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි මනුකියවන්නෙක්.

ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම මනුකියවන්නා අජන්ත නමැති අයකුගේ නිවෙසේ විදුලි මීටරය කියවා බිල්පත ලබාදීමට යෑමේදී යාබද නිවෙසක පදිංචිව සිටින සුසන්ත නමැති අය සමඟ අජන්ත නමැති අය මත්පැන් පානය කරමින් සිට ඇති බව විමර්ශනයේදී අණාවරණය වුණා.

මෙම පහර දීම කර ඇත්තේ මනුකියවන්නා සමඟ බහින්බස් වීමකින් අනතුරුවයි.

මනුකියවන්නට පහරදී පලාගිය වැඩිමල් සහෝදරයා වන අජන්ත නමැති අය අත්අඩංගුවට ගෙන ඇති අතර,  සුසන්ත නමැති සහෝදරයා සැඟවී සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්