fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 19:01

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරේ

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව තත්පරයට ජලය ඝන අඩි 4,000ක් මී ඔයට මුදාහැරෙන බැවින් පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු මෙම වසරේදී විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙය වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම දැදුරුඔය, තබ්බෝව සහ රාජංගණය ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්