fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 15:13

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් සමග කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි ඔවුන් නිවේදනය කළේ.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 25 ත් 47 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නව දෙනා ,කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා තුන සහ මුහුදු කූඩැල්ලන් එක්දහස් තුන්සිය අසු හතරක පමණ තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව සඳහන්.

hasiniek
By hasiniek නොවැම්බර් 21, 2023 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්